2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු පහළවකින් පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩලු හයක් දැවී ලකුණු 149ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ විශ්මී ගුණරත්න පන්දු හතළිස් හතරකදී ලකුණු 45 ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු කඩුළු දෙකක් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව එම ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීය.

සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.
ඉතිහාසගත වාර්තාවක්! T20I පිටියේ වාර්තා බිඳ දමමින් ඉතිහාසයට ගිය ඉන්දියාවේ නවතම ක්‍රිකට් අරුමය මෙන්න
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තරුව ක්‍රීඩා කළ අපූරු ඉනිම මෙන්න.