ලෝක කුසලානයක් දිනා දුන් නායක සූර්යකුමාර් යාදව් ඉවත් කරමින් ශ්‍රෙයාස් අයියර් නව නායකයා ලෙස පත් කරගත් ඉන්දීය කණ්ඩායමට සිය පළමු තරගයේදීම කිසිවෙකුත් නොසිතූ අමිහිරි පරාජයකට මුහුණ දීමට අද සිදුවිය. අයිපීඑල් තරගාවලියේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ප්‍රබල සංචිතයක් සමගින් අයර්ලන්තයේ සංචාරය කළ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 34ක දැවැන්ත පරාජයක් ලැබීය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය ලෝකන් ටකර්ගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත කණ්ඩායමට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයටද එක්වන්නේ රන් අකුරිනි.
ඒ, ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම තරග ආකෘතියක් යටතේ අයර්ලන්ත කණ්ඩායමක් විසින් ප්‍රබල ඉන්දියාව පරාජය කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය වීම හේතුවෙනි. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද පෙරළිකාර අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබී ඇත.
මේ අනුව සිය නායකත්ව දිවියේ පළමු ජාත්‍යන්තර තරගයට මුහුණ දුන් ශ්‍රෙයාස් අයියර්ට මුළු ලෝකයම මවිත කළ අනපේක්ෂිත ප්‍රතිඵලයක් භාර ගැනීමට සිදුව ඇති අතර, ලෝක ශූරයින්ගේ මෙම කඩා වැටීම සමස්ත ක්‍රිකට් ලෝලීන්ගේම දැඩි අවධානයට ලක්ව තිබේ. අමිහිරි පරාජයෙන් පසු ඉන්දීය කණ්ඩායම මීළඟ තරගයේදී කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි සැවොම බලාසිටී.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම බිඳවැටීම මෙන්න
සොනාල් දිනූශ ට ජ්‍යාත්‍යන්තරය පිළිගත් වාර්තාගත සුපිරි තරුවකගෙන් පැසසුම්!. විස්තරය මෙන්න.
BCCI විසින් නිවේදනය කල 2027 එක්දින ලෝක කුසලානයට සහභාගි වනු ඇතැයි විශ්වාස කරන ඉන්දීය සුපිරි ක්‍රීඩකයන් 11 මෙන්න
ආසියා කුසලාන ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ පළමු ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවෙයි.
එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට අලුතින් එක්වූ නවකයන් 3ක් මෙන්න
ළහිරු කුමාර බටහිර ඉන්දීය කොදෙව් බලා පියඹද්දී දුනිත් වෙල්ලාලගේගේට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තහංචියක්