ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් බලාපොරොත්තු තබා සිටින සුපිරි ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙවර යුරෝපා ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට සූදානම් වේ. ඒ අනුව 2026 වසරේ පැවැත්වීමට නියමිත සුපිරි European T20 Premier League තරගාවලියේ ප්‍රබල Glasgow Cosmic කණ්ඩායම සමඟ ඔහු නිල වශයෙන් ගිවිසුම්ගත වී තිබේ.
රටවල් හතරක ක්‍රිකට් වසන්තය උදා කරමින්
අයර්ලන්තය,
නෙදර්ලන්තය,
උතුරු අයර්ලන්තය සහ
ස්කොට්ලන්තය
කේන්ද්‍ර කරගනිමින් මෙම දැවැන්ත තරගාවලිය ක්‍රියාත්මක වේ. එළඹෙන අගෝස්තු 26 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියට සමස්ත තරග 33ක් ඇතුළත් වේ.
මෙහිදී ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඉදිරියේ Glasgow Cosmic කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සිය දක්ෂතා දැක්වීමට නියමිතව ඇත්තේ සමස්ත යුරෝපා ක්‍රිකට් ක්ෂේත්රයේම දැඩි අවධානයක් ශ්‍රී ලංකාව වෙත දිනා දෙමිනි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.
ඉතිහාසගත වාර්තාවක්! T20I පිටියේ වාර්තා බිඳ දමමින් ඉතිහාසයට ගිය ඉන්දියාවේ නවතම ක්‍රිකට් අරුමය මෙන්න
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තරුව ක්‍රීඩා කළ අපූරු ඉනිම මෙන්න.