Menu

කුසල් සහ කමිඳු මෙන්ඩිස් කොදෙව් දේශයේදී දිලෙති.

113

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වූහ. 

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26කදී ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගූ නමුත්, පැතුම් නිස්සංකගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය.

ඉන් අනතුරුව නායකත්වයේ ඉනිමක් දියත් කිරීමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස් පන්දු 23කදී වේගවත් ලකුණු 36ක් රැස්කළේය. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූ ඔහුගේ එම අගනා ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *