මෙවර අයිපීඑල් තරගාවලියේ පළමු වටයේ තරග 14න් 13ක්ම නිමාවී ඇති පසුබිමක, ප්ලේඕෆ්ස් වටය තීරණය කෙරෙන අවසන් තරග 5 අද සිට ආරම්භ වෙයි. අද රාත්‍රියේ පැවැත්වෙන චෙන්නායි සුපර් කින්ග්ස් සහ ගුජරාට් ටයිටන්ස් තරගය මෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි.
දැනටමත් සුදුසුකම් ලබා සිටින ශුභ්මන් ගිල්ගේ ගුජරාට් කණ්ඩායම පළමු ස්ථාන දෙක සඳහා පිටියට පිවිසෙයි. අනෙක් පසින් ප්‍රසාද ලකුණු 14 සහ 13 සීමාවල පවතින සංකීර්ණ තත්ත්වය සහ ශුද්ධ ලකුණු වේගය හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට මෙම තරගය සිය ගෞරවය රැකගැනීමේ දැඩි සටනක් බවට පත්ව තිබේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න *
