Menu

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!

50

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩලු 8ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 273ක් රැස් කළා.

එහිදී, ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 46.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

මෙහිදී, දෙවන කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම එක්ව ලකුණු 203ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගූ අතර, ශ්‍රී ලංකා එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවද එයයි.

විශ්මි ගුණරත්න පන්දු 123කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 123ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම පන්දු 119කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *