Menu

මතීෂ පතිරණ මහේන්ද්‍ර සිං දෝනිට ලබා දුන් සහතිකය

36

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, මහේන්ද්‍ර සිං දෝනිව තම පියෙකුට සමාන කර තිබෙනවා.

පිටිය තුළදීම දෝනි ලබා දෙන උපදෙස් තමාට විශාල විශ්වාසයක් ගෙන දෙන බවයි ඔහු පවසන්නේ.

21 හැවිරිදි මතීෂ මේ වන විට CSK වේග පන්දු යවන බල ඇණියේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්ව සිටිනවා.
“මගේ පියාට පසුව, මගේ ක්‍රිකට් ජීවිතයේ, ඔහු (දෝනි) වැඩිපුරම නිරුපනය කරන්නේ මගේ පියාගේ චරිතයයි. ඔහු සෑම විටම මා ගැන සැලකිලිමත් වෙනවා. මා කළ යුතු දේ පිළිබඳව මට උපදෙස් ලබාදෙනවා” යැයි පතිරණ යූ ටියුබ් හි CSK Lions up Close වැඩසටහනේදී සඳහන් කළේය.

“මම හිතන්නේ ඒක ඇති. මම පිටියේ සහ පිටියෙන් පිටත සිටින විට ඔහු ගොඩක් දේවල් කියන්නේ නැහැ. ඔහු මට කුඩා දේවල් කියනවා. නමුත් එය විශාල වෙනසක් කරනවා. එය මට විශාල විශ්වාසයක් ඇති කරනවා. ක්‍රීඩකයින් පිටියෙන් බැහැරව බලාගන්නේ කොහොමද කියලා ඔහු දන්නවා. මට ඔහුගෙන් යමක් ඇසීමට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම මම ඔහු වෙත ගොස් එය අහනවා.” යැයි පතිරණ වැඩිදුරටත් පවසයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *