Menu

පරාජයන් 3ක අඳුරු මතකයන් පරදා ශූරතාව දිනූ දසුන් ශානක ගැන සටහනක් මෙන්න

72

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අතිශය අභියෝගාත්මක සහ පසුබෑමේ අගාධයක පැවැති වකවානුවක, නැවතත් ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනඟමින් ක්‍රිකට් ලෝලීන්ට නව බලාපොරොත්තුවක් දුන් නායකයා ලෙස දසුන් ශානක ප්‍රකටය. කිසිවෙකුත් ජයග්‍රහණය ගැන විශ්වාස නොකළ මොහොතක ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන ජයග්‍රහණයක් අත්කර දෙමින් ක්‍රිකට් පිටියට ප්‍රේක්ෂකයින් නැවත කැඳවා ගැනීමට ඔහු සමත් විය.

එම අසහාය නායකත්ව ගුණාංගය තවත් වරක් සනාථ කරමින්, LPL ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ලියා නොතිබූ නව පිටුවක් පෙරළීමට දසුන් ශානක ඇතුළු ගාල්ල කණ්ඩායම මෙවර සමත්ව තිබේ.

LPL තරගාවලි ඉතිහාසය තුළ පසුගිය වසර කිහිපය පුරාම ගාල්ල කණ්ඩායමට මුහුණ දීමට සිදු වූයේ අතිශය අවාසනාවන්ත තත්ත්වයකටය. අවස්ථා තුනකදීම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන් සමත් වුවද, එම අවස්ථා ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම හමුවේ පරාජයට පත්වී අනුශූරතාවයෙන් සැනසෙන්නට ඔවුන්ට සිදු විය.

එම අතීත පරාජයන්ගේ අඳුරු මතකයන් සහ පීඩනය මුළුමනින්ම තමන් වෙතින් අතුගා දැමූ ගාල්ල කණ්ඩායම, මෙවර අවසාන මහා තරගයේදී තමන්ට අභියෝග කළ ජැෆ්නා කණ්ඩායම අතික්‍රමණය කරමින් පළමු වතාවට LPL ශූරතාවලියේ රන් කිරුළ තමන් සතු කර ගැනීමට සමත් විය.

මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව අදහස් දැක්වූ ජයග්‍රාහී නායක දසුන් ශානක, ගාල්ල කණ්ඩායමට මෙන්ම සමස්ත තරගාවලියට සහභාගී වූ සසුන් කණ්ඩායම් වෙත සහයෝගය දැක්වීමට ක්‍රීඩාංගණ වෙත පැමිණි සියලුම ප්‍රේක්ෂකයින්ට සිය හදපිරි කෘතඥතාව පළ කළේය.

ඉදිරියටත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙවැනිම ප්‍රේක්ෂක සහයෝගයක් බලාපොරොත්තු වන බව පැවසූ ඔහු, මෙම ජයග්‍රහණය තමන් පිටුපස සිටි සියලුම ක්‍රිකට් ලෝලීන්ට උපහාරයක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

“ගාල්ල කණ්ඩායමට වගේම අනෙක් කණ්ඩායම්වලටත් සහයෝගය දීපු හැමෝටම ස්තුතියි.තරඟ බලන්න ආවට,අපිට සහයෝගය දක්වන්න ආවට.. ඉදිරියටත් අපි මේ දේ බලාපොරොත්තු වෙනවා.හැමෝටම ස්‍තූතියි.”
-ජයග්‍රාහී නායක දසුන් ශානක-


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *