” තරගයේ අවසාන භාගයේදී ජයග්‍රහණය තමන් සතු කර ගැනීම සඳහා පන්දුවාර 150ක් පුරාවටම තමන් ඇතුළු පන්දු යැවීමේ බලඇණිය හැකි සෑම උත්සාහයක්ම දැරූ බවත්,
නමුත් අවසානයේදී ජයග්‍රහණය හිමි වූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ අභිමානයට බවත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේය.” ඉන්දීය කණ්ඩායමේ දැවැන්ත ජයග්‍රාහී බලාපොරොත්තු හමුවේ කිසිදු බියකින් තොරව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසාන මොහොත දක්වාම අභීත සටනක නිරත වූ බවත්.
විශේෂයෙන්ම මෙම තරගයේ දෙවන ඉනිමේදී සොනාල් දිනූෂ ලබාගත් අතිවිශිෂ්ට ශතකය තරගයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වූ බව ගිල් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේය.
ඔහුගේ මෙම ඉවසිලිවන්ත මෙන්ම ප්‍රහාරාත්මක ශතකයේ ශක්තියෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් වැනි දැවැන්ත මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඉන්දීය ප්‍රබල පන්දු යවන්නන් එල්ල කළ දැඩි පීඩනය හමුවේ වුවද නොසැලී කඩුල්ලේ රැඳී සිටිමින් සොනාල් දිනූෂ ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ මෙම දක්ෂතාවය නිසා තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම බිඳවැටීම මෙන්න
සොනාල් දිනූශ ට ජ්යාත්යන්තරය පිළිගත් වාර්තාගත සුපිරි තරුවකගෙන් පැසසුම්!. විස්තරය මෙන්න.
BCCI විසින් නිවේදනය කල 2027 එක්දින ලෝක කුසලානයට සහභාගි වනු ඇතැයි විශ්වාස කරන ඉන්දීය සුපිරි ක්රීඩකයන් 11 මෙන්න
ආසියා කුසලාන ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ පළමු ක්රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවෙයි.
එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට අලුතින් එක්වූ නවකයන් 3ක් මෙන්න
ළහිරු කුමාර බටහිර ඉන්දීය කොදෙව් බලා පියඹද්දී දුනිත් වෙල්ලාලගේගේට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තහංචියක්