2024 විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා මෙරටින් පිටත් වුණා.
නමුත් සංචිතය සඳහා ඇතුළත්ව සිටි කුසල් මෙන්ඩිස්ට හා අසිත ප්‍රනාන්දුට සංචිතය සමඟ පිටත් යාමට අවස්ථාව හිමිවූයේ නැහැ.
ඒ visa සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින්.
ඒ පිළිබඳව අද දින පැවැති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.
ඔහු සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ දී කුසල් මෙන්ඩිස් හට වීසා ලැබෙනු ඇති බවයි.
වීසා ලබාදීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකිවිලි කිහිපයක් ඉල්ලා ඇති බවත් එම ලියකිවිලි භාර දීමෙන් පසු ගැටලුවකින් තොරව වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මේ අතර 2020 වසරේ පානදුර ප්‍රදේශයේ මෙන්ඩිස් අතින් සිදුවූ රිය අනතුර සම්බන්ධවද තොරතුරු වාර්තා කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න