පසුගිය වසරේ ශූරතාවය දිනූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ගේ ක්‍රිකට් දිවිය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් එළඹෙන අයි පී එල් තරගවාරය ඔහුට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. තරුණියන් කිහිපදෙනෙකු විසින් ඔහුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුකරයන් නිසා පසුගිය ඉන්දීය පළමු පෙළ තරගවාරය ද ඔහුට අහිමි වූ අතර, වත්මන් තත්ත්වය හමුවේ මෙම චෝදනාවලින් නිදහස් වීම ඔහුට දැඩි අසීරු කරුණක් වී ඇත.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කළමණාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ කොන්ත්‍රාත්තුව මේ දක්වා නිල වශයෙන් අවලංගු නොකළ ද, පවතින විනය විරෝධී චෝදනා හේතුවෙන් ඔහුව කණ්ඩායමට එක් කරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.


හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්‍රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්