Menu

සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.

156

ICC අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා සොනාල් දිනූෂ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කළ 2026 අගෝස්තු මාසයේ හොඳම පිරිමි ක්‍රීඩකයා ලෙස තෝරාගෙන තිබෙනවා

ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2කින් යුත් සංග්‍රාමයේදී දැක්වූ අසාමාන්‍ය පිතිකරණ දක්ෂතාව හේතුවෙන් ඔහුට මෙම අන්තර්ජාතික ඇගයීම හිමි වී තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය පුරා ඉනිම 4කදී පිත්තෙන් අතිවිශිෂ්ට ලෙස අණසක පැතිරවූ සොනාල්, ලකුණු 140.00ක ඇදහිය නොහැකි ඉහළ සාමාන්‍යයක් පවත්වා ගනිමින් මුළු ලකුණු 420ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී ඔහු ශතක 2ක් සහ අර්ධ ශතකයක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගත්තේ දෙපිළේම වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රථම ඉනිමේදී අගනා ශතකයක් සහ දෙවන ඉනිමේදී සටන්කාමී ලකුණු 84ක් රැස් කළ ඔහු, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති දෙවන ටෙස්ට් තරගයේදී තවත් පියවරක් ඉදිරියට තබමින් ප්‍රථම ඉනිමේදී ලකුණු 103ක් සහ දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 133ක් රැස් කළා. කොළඹ තරගය ජයපරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූයේ ඔහුගේ මෙම නොදැවී රැස් කළ ඉනිම නිසාවෙන්.

අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මානය ලබා ගැනීම වෙනුවෙන් සොනාල් දිනූෂට අමතරව තවත් ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු නිර්දේශ වී සිටිනවා. පාකිස්ථානයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2කදී කඩලු 16ක් බිඳහෙලූ එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ඕලි රොබින්සන් සහ ඕස්ට්‍රේලියානු පස්පිටේදී බංග්ලාදේශය ලබාගත් ඓතිහාසික ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගාවලිය පුරා කඩලු 9ක් ලබාගත් බංග්ලාදේශයේ හසන් මහමූද් එම ක්‍රීඩකයන් දෙදෙනායි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *