Menu

අසීමිත විශ්වාසය මල්පල ගන්වමින් නිදා සිටි කලු සිංහයා ඊයේ අවදි වෙයි. විස්තරය මෙන්න

42

මෙවර තරගාවලිය පුරාම අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් දැඩි විවේචනයට ලක්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු නිකලස් පූරන්, අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සිය සැබෑ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් මුළු ක්‍රිකට් ලෝකයම තමන් දෙසට හරවා ගැනීමට සමත් විය.

තරගාවලියේ ක්‍රීඩා කළ මුල් තරග අට තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 82 ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද, ලක්නව් කළමනාකාරීත්වය ඔහු කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය අද දිනයේ ඔහු අකුරටම ඉටු කළේය. පසුගිය තරග කිහිපයේම මැදපෙළ පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ ඔහුට අද අංක තුන පිතිකරණ ස්ථානය ලබා දීමට බලධාරීන් ගත් තීරණය ජයග්‍රාහී තීරණයක් බවට පත් කරමින්, මුම්බායි පන්දු යවන්නන්ට එල්ල කළ ප්‍රහාරය අතිශය බියකරු එකක් විය.

පන්දු 16 කින් සිය වේගවත් අර්ධ ශතකය සම්පූර්ණ කළ පූරන්, පන්දු 21 කදී ලකුණු 63 ක් රැස් කළේ ප්‍රහාරාත්මක වේගය 300 ක අගයක පවත්වා ගනිමිනි. ඔහුගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහරවල් 8 ක් ඇතුළත් වීම විශේෂත්වයක් වන අතර, මෙතෙක් කල් නිහඬව සිටි ප්‍රවේගකාරී පිතිකරුවෙකු අවදි වූ විට ප්‍රතිවාදීන්ට සිදුවන හානිය අද ඔහු මනාවට පසක් කර දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *