Menu

නායකත්වයේ වෙනසක ලකුණු ! අසාර්ථක වූ ලෝක කුසලාන මතකයන් මැද යළිත් ශ්‍රී ලංකා 20-20 නායකත්වය දෙන්නේ කාටද

131

සීමිත පන්දුවාර කණ්ඩායම්වල නායකත්වය සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් වාර්තා වෙමින් පවතී. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය නැවත වරක් කුසල් මෙන්ඩිස් හට ලබාදීමට සූදානම් බව Sunday Times වාර්තා කරනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදී කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති ඔහු තරග 17කදී ජයග්‍රහණ 8ක් වාර්තා කිරීමට සමත් වුවද 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුර කණ්ඩායම ලැබූ පසුබෑමත් සමඟ ඔහුගේ නායකත්වය දැඩි විවේචනයට ලක් විය.

විශේෂයෙන්ම ලෝක කුසලානයේදී දසුන් ශානකගේ ආබාධය හේතුවෙන් නායකත්වය හිමි වූ කුසල් මෙන්ඩිස් පිත්තෙන් යම් දක්ෂතා පෙන්වුවද නායකයෙකු ලෙස කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට අපොහොසත් වූ බව බොහෝ දෙනාගේ මතය විය.

ඉන් අනතුරුව නායකත්වය භාරගත් චරිත් අසලංක යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් ස්ථාවර මට්ටමකට පැමිණ සිටියත් විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ අනපේක්ෂිත පරාජයත් සමඟ කණ්ඩායමේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය වී ඇති බව පෙනී යයි.

මෙම පරිවර්තනීය වෙනස්කම් හමුවේ චරිත් අසලංකගෙන් පසු නායකත්වයේ වගකීම යළිත් වරක් කුසල් මෙන්ඩිස් හට හිමිවීමට ඇති ඉඩකඩ පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවා වාර්තා කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *