මෙවර අයි පී එල් අවසන් මහා තරගය අතරතුර කිසිවෙකුත් නොසිතූ අන්දමේ උණුසුම් සිදුවීමක් වාර්තා විය. ඒ, ප්රවේගකාරී ක්රීඩක ටිම් ඩේවිඩ් විසින් තරගයේ ප්රධාන විනිසුරු නිතින් මෙනොන් දෙසට ඉතා ආක්රමණශීලී ලෙස අයිස් බෑගයක් විසි කිරීමයි. මෙම ක්රියාව ඍජුවම අයි පී එල් නීති සංග්රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කිරීමක් බවට මේ වන විට තහවුරු වී ඇත.
ඒ අනුව ටිම් ඩේවිඩ්ට දැඩි දඬුවම් පමුණුවමින් ඔහුගේ තරග ගාස්තුවෙන් දඩයක් නියම කර ඇති අතර, ඊට අමතරව සෘණ ලකුණු එකතු කිරීමක් සහ 2027 අයි පී එල් තරගාවලියේ පළමු තරගය සඳහා ක්රීඩා කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කෙසේ වෙතත්, මෙතරම් බරපතල දඬුවමකට ලක්ව සිටියදීත් තරගය අවසානයේ ඔහු අයිස් බකට් යොදාගනිමින් සිය කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ව නාවමින් ජයග්රහණය සැමරීම බොහෝ දෙනාගේ දැඩි විමතියට කරුණක් වී ඇත.
නොමිලේ ක්රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්රී ලංකාවට එරෙහිව ප්රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්රහණයත් සමග LPL ප්රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ