පිතිකරුවන්ට බෙහෙවින් වාසිදායක ලෙස සකස් කර තිබූ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ තණතීරුවේදී, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තම ප්‍රථම තරගයට ක්‍රීඩා කළ Galle Gallants කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට ඊයේ (26) සමත් විය.
LPL තරගාවලි කිහිපයකදීම අත්දැකීම් ලබා ඇති 28 හැවිරිදි සචිඳු, මෙවර තරග වාරයේ තමන්ට හිමිවූ පළමු අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජන ගනිමින් ප්‍රතිවාදී ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකුගේ කඩුලු බිඳ හෙලීමට සමත් විය. එහිදී රීසා හෙන්ඩ්‍රික්ස්, දිනේෂ් චන්දිමාල් සහ ගුල්බඩීන් නයීබ් යන ප්‍රබල පිතිකරුවන් දවාගනිමින් Galle Gallants කණ්ඩායමට ඉතාම තීරණාත්මක මොහොතක ජයග්‍රාහී මඟ පාදා දීමට ඔහු කටයුතු කළේය.
ඊයේ තරගයේ සචිඳුගේ පන්දු යැවීමේ සටහන:
- පන්දුවාර: 04
- ලබාදුන් ලකුණු: 17
- දවාගත් කඩුලු: 03
- පන්දුවාරයක ලකුණු ලබාදීමේ වේගය (Economy Rate): 4.25
T20 පිටිය තුළ ඉහළ දත්ත වාර්තාවකට හිමිකම් කියන සචිඳු කොළඹගේ, මේ වන විට T20 ඉනිම 27ක් තුළදී ලකුණු 14.50ක අගනා පන්දු යැවීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 54ක් බිඳහෙලීමට සමත්ව තිබේ.
මෙවර LPL තරගාවලියේ අඩකටත් වඩා ගෙවී ගිය පසුව හෝ සචිඳුට Galle Gallants සංචිතයට එක්වීමට අවස්ථාව ලැබීමත්, එම ලැබුණු පළමු අවස්ථාවෙන්ම තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස කැපී පෙනීමට ලැබීමත් කැපී පෙනෙන සිදුවීමකි.

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.