Menu

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!

10

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ තෞහිද් රිදෝයි, ෂනවාස් ධහානී (Shahnawaz Dahani) යැවූ ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.

එම ප්‍රහාරයත් සමගින් ෂනවාස් ධහානී සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 71ක් ලබා දී තිබූ අතර, මෙය LPL තරගාවලි ඉතිහාසයේදී පන්දු යවන්නෙකුගෙන් වාර්තා වූ දුර්වලතම පන්දු යැවීමේ විශ්ලේෂණය ලෙස ඉතිහාසගත විය.

තෞහිද් රිදෝයිගේ මෙම ප්‍රහාරාත්මක අවසානයත් සමග නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 202ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *