ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු තම කණ්ඩායම් සමඟ මව්රට බලා පිටත්ව නොගොස් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්කොට්ලන්ත පොලීසිය සඳහන් කළේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් “සොයාගත නොහැකි” බවට පැමිණිලි ලැබී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමඟද මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.
විදෙස් වාර්තාවලට අනුව, උගන්ඩා බොක්සිං කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙකු තම කණ්ඩායම සමඟ මව්රට බලා පිටත්ව ගොස් නොමැති අතර, ඔවුන් ස්කොට්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව එම කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.
අතුරුදන් වූ උගන්ඩා ක්‍රීඩකයින් ලෙස නුහු බට්ටේ (Nuhu Batte), ඇන්ජල් කටුෂාබේ (Angel Katushabe), ඉබ්‍රාහිම් කෙමිස් (Ibrahim Kemis) සහ එමිලි නකලේමා (Emily Nakalema) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් කර තිබේ.
මේ අතර, පාකිස්තාන බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩක කුද්රතුල්ලා (Qudratullah) ද සිය කණ්ඩායම සමඟ ආපසු නොගොස් අතුරුදන් වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.
2014 වසරේද ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් පසුවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අතුරුදන් වූ අතර, ඔවුන්ගෙන් ඇතැමුන් සරණාගතභාවය ඉල්ලා තිබූ අතර තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම අතුරුදන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, අනාගතයේදී ඉදිරිපත් කෙරෙන ඕනෑම සරණාගත අයදුම්පතක් එක් එක් සිද්ධියේ කරුණු සහ සාක්ෂි අනුව වෙන වෙනම සලකා බලන බව එක්සත් රාජධානියේ බලධාරීන් සඳහන් කර ඇත.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න