Menu

පාකිස්තාන ජයග්‍රහණයත් සමග ICC ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුපිරි පිම්මක්!

77

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති T20 සහ එක්දින තරගාවලීන් හිදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් සමත්ව තිබේ.

ඒ අනුව T20I පිතිකාරිණියන් අතර එක් ස්ථානයකින් ඉදිරියට පැමිණි නායිකා චමරි අතපත්තු, සිය ක්‍රිකට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වන 6 වැනි ස්ථානය තහවුරු කර ගත්තාය. පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 101ක මංගල T20 ශතකය රැස් කළ යොවුන් ක්‍රීඩිකා ඉමේෂා දුලානි ස්ථාන 33ක දැවැන්ත පිම්මක් පනිමින් 23 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය. T20I පිතිකාරිණියන්ගේ ප්‍රමුඛස්ථානයේ (අංක 1) ඕස්ට්‍රේලියාවේ බෙත් මුනි පසුවෙයි.

එක්දින (ODI) ශ්‍රේණිගත කිරීම් දෙස බලද්දී, ශ්‍රී ලංකාව ලබාගත් 2-1ක එක්දින තරගාවලි ජයග්‍රහණයේ වීරවරිය වූ හර්ෂිතා සමරවික්‍රම ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානය හිමිකරගත් අතර, හසිනි පෙරේරා 35 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියාය.

එක්දින පන්දු යැවීමේ අංශයෙන් චමරි අතපත්තු (31 වැනි ස්ථානය) සහ කවීෂා දිල්හාරි (33 වැනි ස්ථානය) ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරව තවදුරටත් ඔසවා තැබීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *