කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා පිලට එහි ශූරතාවය අත්කර දෙමින්.
අවසන් තරගයේ ශ්‍රී ලංකා පිලේ නැංගුරම බවට පත් වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් විය.
එය ඇය විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී රැස්කළ දෙවන ශතකයයි.
එම ශතකයත් සමගින් චමරි අතපත්තු නව තරග වාර්තා ද්විත්වයක් බිහි කිරීමට සමත්ව තිබෙනවා.
එයත් සමගින් ඇය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ කාන්තා විස්සයි විස්ස තරගාවලියක අවසන් තරගයේදී ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසයි.
එමෙන්ම අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි රටවලට එරෙහිව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවටද ඇය පත් වූවාය.
ඇය සිය පළමු ශතකය රැස්කර තිබෙන්නේ 2019 වසරේදී ඕස්ට්‍රේලිවේදී වන අතර ඒ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

පකිස්තානය විදෙස් රටවල දී අසාර්ථක ඇයි. හේතුව මෙන්න!
ICC ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි! වෛභව් සූර්යවංශිගෙන් දැවැන්ත පිම්මක්!
LPL ඉතිහාසයේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව සමගින් ලහිරු උදාරගෙන් වාර්තා පිට වාර්තා!
LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න