Menu

LPL ඉතිහාසයේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව සමගින් ලහිරු උදාරගෙන් වාර්තා පිට වාර්තා!

43

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Kandy Royals කණ්ඩායම හමු වූ ලකුණු 209ක දැවැන්ත ඉලක්කය හඹා යද්දී, ආරම්භක පිතිකරු ලහිරු උදාර දියත් කළ අසමසම ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් අසාමාන්‍ය ජයග්‍රහණයක් වාර්තා කිරීමට Kandy Royals සමත් විය.

පන්දු 63කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 130ක් රැස් කළ ලහිරු උදාර, සිය ප්‍රථම T20 ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර එම ඉනිම සමගින් LPL ඉතිහාසයේ වාර්තා රැසක් නැවත ලියැවිණි.

  • LPL ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව (130*)
  • ලකුණු 200ට වැඩි ඉලක්කයක් හඹා යමින් ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා
  • LPL 2026 තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය
  • Powerplay සීමාව තුළ අර්ධ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා
  • Powerplay එකකදී වැඩිම පුද්ගලික ලකුණු සහ වැඩිම සීමා මායිම් (Boundaries)
  • LPL 2026 තරගාවලියේ දැනට වැඩිම ලකුණුලාභියා

මෙම සුපිරි ඉනිමත් සමග තමන් ජාතික T20 සංචිතය නියෝජනය කිරීමට පූර්ණ සුදුසුකම් සහිත ක්‍රීඩකයෙකු බව ලහිරු උදාර නැවත වරක් පිත්තෙන්ම තහවුරු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *