පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි මතකයක් එක්කළ දිනයක් සිහිගන්වමින්, සත්කාරක අයර්ලන්ත කණ්ඩායම හමුවේ යළිත් වරක් ක්‍රිකට් පරාජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායමට ඊයේ (10දා) සිදු වුණා.
පාකිස්තානු කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය ආරම්භ කරමින් මෙම තරගය ඩබ්ලින්හිදී මෙරට වේලාවෙන් ඊයේ රාත්රියේදී අවසන් වූ අතර, එහිදී ඔවුන් සත්කාරකයින් හමුවේ කඩුලු 05ක පරාජයක් ලැබුවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ අයර්ලන්ත කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහරදීමට සඳහා පාකිස්තානයට ආරාධනා කළා.
එහිදී පිතිකරුවෝ තිදෙනෙකු ඉහළ දක්ෂතාවක් දැක්වූයෙන් පන්දුවාර 20 තුළදී ලකුණු 182/6ක ලකුණු පුවරුවක් ගොඩනගා ගැනීමට පාකිස්තානයට හැකිවුණා.
ඉන් නායක බාබර් අසාම් පන්දු 43කින් ලකුණු 57ක් රැස්කළ අතර, සියාම් අයුබ් පන්දු 29කින් ලකුණු 45ක් රැස්කළා.
කෙසේ නමුත් ලකුණු 183ක ඉලක්කය තරගයේ 19.5වැනි පන්දුවාරයේදී සම්පූර්ණ කරගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී ගෞරවාන්විත ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ඇන්ඩි බල්බර්නි පන්දු 55කින් ලකුණු 77ක් රැස්කළා.
මේ හේතුවෙන් එළබෙන විස්සයි20 ලෝක කුසලානයට පෙරපුහුණුවක් බලාපොරොත්තුවෙන් අයර්ලන්තයට ගිය පාකිස්තානයට, අයර්ලන්තය හමුවේ විස්සයි20 තරගයකින්ද පළමුවරට පරාජයක් ලැබීමට සිදුවණා.
අයර්ලන්තය ලැබූ ජයත් සමග ඔවුන් තරග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත් අතර, දෙරට අතර දෙවැනි තරගය හෙට (12දා) පැවැත්වීමට නියමිතව ඇත.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න