Menu

ලෝක කුසලානය අභිමුව පාකිස්තාන කණ්ඩායමට නින්දා සහගත පරාජයක්! අයර්ලන්තය ඉතිහාසය අලුත් කරයි!

472

පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි මතකයක් එක්කළ දිනයක් සිහිගන්වමින්, සත්කාරක අයර්ලන්ත කණ්ඩායම හමුවේ යළිත් වරක් ක්‍රිකට් පරාජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායමට ඊයේ (10දා) සිදු වුණා.

පාකිස්තානු කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය ආරම්භ කරමින් මෙම තරගය ඩබ්ලින්හිදී මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේදී අවසන් වූ අතර, එහිදී ඔවුන් සත්කාරකයින් හමුවේ කඩුලු 05ක පරාජයක් ලැබුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ අයර්ලන්ත කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහරදීමට සඳහා පාකිස්තානයට ආරාධනා කළා.

එහිදී පිතිකරුවෝ තිදෙනෙකු ඉහළ දක්ෂතාවක් දැක්වූයෙන් පන්දුවාර 20 තුළදී ලකුණු 182/6ක ලකුණු පුවරුවක් ගොඩනගා ගැනීමට පාකිස්තානයට හැකිවුණා.

ඉන් නායක බාබර් අසාම් පන්දු 43කින් ලකුණු 57ක් රැස්කළ අතර, සියාම් අයුබ් පන්දු 29කින් ලකුණු 45ක් රැස්කළා.

කෙසේ නමුත් ලකුණු 183ක ඉලක්කය තරගයේ 19.5වැනි පන්දුවාරයේදී සම්පූර්ණ කරගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

එහිදී ගෞරවාන්විත ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ඇන්ඩි බල්බර්නි පන්දු 55කින් ලකුණු 77ක් රැස්කළා.

මේ හේතුවෙන් එළබෙන විස්සයි20 ලෝක කුසලානයට පෙරපුහුණුවක් බලාපොරොත්තුවෙන් අයර්ලන්තයට ගිය පාකිස්තානයට, අයර්ලන්තය හමුවේ විස්සයි20 තරගයකින්ද පළමුවරට පරාජයක් ලැබීමට සිදුවණා.

අයර්ලන්තය ලැබූ ජයත් සමග ඔවුන් තරග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත් අතර, දෙරට අතර දෙවැනි තරගය හෙට (12දා) පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *