අප්‍රේල් 5 වන දින ආරම්භ වන නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහි තීරණාත්මක තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්ව වගකීම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ වෙත පැවරෙන අතර, සිව්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර වෙත පැවරෙනු ඇත.
සහන් ආරච්චිගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 5ක් සහ විස්සයි-20 තරගයක අත්දැකීම් ඇති ප්‍රයෝජනවත් පිට දඟ පන්දු යවන්නෙකු සහ වමත් පිතිකරුවෙකි. පසිඳු සූරියබණ්ඩාර පසුගියදා සිය පළමු පෙළ ක්‍රීඩා දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කරමින් ජාතික කණ්ඩායමට ප්‍රබල ලෙස දොරට තට්ටු කරයි.
පළමු පෙළ තරග 64කදී ශතක 14ක් සමඟින් ලකුණු 4699ක් රැස්කර ඇති ඔහු 55.94ක ඉහළ සාමාන්‍යයක් පවත්වා ගෙන යයි. මෙම තරගාවලිය, ජාතික කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මේ දෙදෙනාටම ලැබෙන කදිම අවස්ථාවකි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න