Menu

ජාතික කණ්ඩායමට දොරට තට්ටු කරන තරු දෙකකට ශ්‍රී ලංකා ‘A’ නායකත්වය!

114

අප්‍රේල් 5 වන දින ආරම්භ වන නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහි තීරණාත්මක තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්ව වගකීම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ වෙත පැවරෙන අතර, සිව්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර වෙත පැවරෙනු ඇත.

සහන් ආරච්චිගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 5ක් සහ විස්සයි-20 තරගයක අත්දැකීම් ඇති ප්‍රයෝජනවත් පිට දඟ පන්දු යවන්නෙකු සහ වමත් පිතිකරුවෙකි. පසිඳු සූරියබණ්ඩාර පසුගියදා සිය පළමු පෙළ ක්‍රීඩා දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කරමින් ජාතික කණ්ඩායමට ප්‍රබල ලෙස දොරට තට්ටු කරයි.

පළමු පෙළ තරග 64කදී ශතක 14ක් සමඟින් ලකුණු 4699ක් රැස්කර ඇති ඔහු 55.94ක ඉහළ සාමාන්‍යයක් පවත්වා ගෙන යයි. මෙම තරගාවලිය, ජාතික කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මේ දෙදෙනාටම ලැබෙන කදිම අවස්ථාවකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *