මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති අවසන් පුහුණු තරගයේදී නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගයේ ඇති සුවිශේෂීම සිදුවීම වන්නේ නිත්‍ය නායිකා චමරි අතපත්තු විවේක ගන්වා තිබීමයි.
වයස අවුරුදු 17දී ජාතික කණ්ඩායමට එක්වී වසර 10ක අත්දැකීම් ඇති හර්ෂිතා සමරවික්‍රම මෙහිදී වැඩබලන නායිකාව ලෙස කටයුතු කරමින් අනාගත නායකත්වයේ පැහැදිලි ඉඟියක් ලබා දුන්නාය. ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී, ලකුණු 65කට කඩුලු 03ක් බිඳවැටී තිබියදී පිටියට පිවිසි හංසිමා කරුණාරත්න පන්දු 42කදී හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 54ක් රැස් කළේ 128.57ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනි.
ඊට අමතරව හසිනි පෙරේරා පන්දු 20කදී ලකුණු 31ක් ලබා ගත්තේ 155.00ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සටහන් කරමිනි. සුගන්දිකා කුමාරි ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය තවදුරටත් ශක්තිමත් විය යුතු බව මෙම තරගයෙන් පෙනී ගියේය. සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය සමග මූලික වටයේදී පැවැත්වෙන තීරණාත්මක තරග ජයගෙන, කොදෙව්, අයර්ලන්ත සහ ස්කොට්ලන්ත කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සූදානමින් සිටී.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ශ්‍රී ලංකා කාන්තා ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කරමින් නිලක්ෂිකා ඩී සිල්වා පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් වත්මන් ලෝක ශූරියන් දණගස්වයි
දඹුලු පිටියේ සිදුවීමට සූර්යවංශිට ලංකාවේ ආරම්භක පිටිකරුවෙක් ගෙන් උපදෙස්! විස්තරය මෙන්න
පැතුම් ලංකාවෙන්ම අංක එක වෙයි. වාර්තාගත ආරම්භක පිතිකරුගේ විස්තරය මෙන්න
ලෝකයේ දැවැන්තයින් 5 දෙනා අතරට ශ්‍රී ලංකාවේ සුපිරි තරුවක් ඊයේ එක්වෙයි.
12 වැනිදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් යමින් සිටි බංගලාදේශ සුපිරි ක්‍රීඩකයෙක්ට පහරදෙයි, පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවකට
හදවතේ නායක දසුන් ශානකගෙන් තවත් ක්‍රිකට් පොත් අලුත් කරපු වාර්තාවක් ! විස්තරය මෙන්න