ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ අතිවිශිෂ්ට සන්ධිස්ථානයක් පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද සමත් විය. ඒ, විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය සිය නමට ලියා ගනිමිනි. මේ වන විට ඉනිම 95කට පමණක් පන්දු යවා ඇති ඔහු, එහිදී සම්පූර්ණ කඩුලු 159ක් දවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි.
මෙම ලැයිස්තුවේ පෙරමුණේ සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් කඩුලු 193ක් ද, නවසීලන්තයේ ඉෂ් සෝධි කඩුලු 165ක් ද, ටිම් සවුති කඩුලු 164ක් සහ එංගලන්තයේ ආදිල් රෂීඩ් කඩුලු 163ක් ද ලබාගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයින් සියලු දෙනාම එම කඩුලු ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඉනිම 115කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබියදී, වනිඳු හසරංග ඉනිම 95ක් වැනි ඉතා අඩු තරග සංඛ්‍යාවකින් කඩුලු 159ක් දවා ගැනීම සුවිශේෂී දක්ෂතාවයකි.
ලෝකයේ දරුණුතම පන්දු යවන්නන් පවා අභිබවා යමින් ඔහු දක්වන මෙම අතිදක්ෂතාවය හේතුවෙන්, නුදුරු අනාගතයේදීම ඔහු මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙනු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ දැඩි සේ විශ්වාස කරති.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ශ්‍රී ලංකා කාන්තා ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කරමින් නිලක්ෂිකා ඩී සිල්වා පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් වත්මන් ලෝක ශූරියන් දණගස්වයි
දඹුලු පිටියේ සිදුවීමට සූර්යවංශිට ලංකාවේ ආරම්භක පිටිකරුවෙක් ගෙන් උපදෙස්! විස්තරය මෙන්න
පැතුම් ලංකාවෙන්ම අංක එක වෙයි. වාර්තාගත ආරම්භක පිතිකරුගේ විස්තරය මෙන්න
12 වැනිදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් යමින් සිටි බංගලාදේශ සුපිරි ක්‍රීඩකයෙක්ට පහරදෙයි, පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවකට
හදවතේ නායක දසුන් ශානකගෙන් තවත් ක්‍රිකට් පොත් අලුත් කරපු වාර්තාවක් ! විස්තරය මෙන්න
ශ්‍රී ලංකාවම ආදරය කරන ඇෆ්ගන් තරුවකගෙන් අලුත් වාර්තාවක් ! විස්තරය මෙන්න