දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති උණුසුම් තරගයක සුපිරි පන්දුවාරයේදී ඉන්දීය A කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු පිටිය මැද ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද සිය ජයග්‍රහණය සමරමින් සිටියදී ඉන්දීය ක්‍රීඩක සූර්යන්ග් ෂෙඩ්ජ් සහ 15 හැවිරිදි යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි ක්‍රීඩාගාරය වෙත පියනගමින් සිටියහ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඔවුන්ට යම් ප්‍රකාශයක් සිදුකිරීමත් සමග දැඩි ලෙස කෝපයට පත් සූරියවංශි එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට තල්ලු කරමින් බහින්බස් වීමකට ලක්වන අයුරු දැකගත හැකිවිය. කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මැදිහත්වී එම ගැටුම වළක්වා තත්ත්වය සමනය කිරීමට කටයුතු කළේය.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු එක්දින නායකයා වන අනුර තෙන්නකෝන් මහතා 15 හැවිරිදි වෛභව් සූර්යවංශිව විශේෂ හමුවකට එක්කර ගෙන තිබීම ද විශේෂත්වයකි. ඔහුගේ පිතිකරණ විලාසය පරම්පරාවක සුවිශේෂීම දක්ෂතාවයක් ලෙස එහිදී ඇගයීමට ලක්කළ තෙන්නකෝන් මහතා බාහිර බාධා කිරීම් සහ ශබ්ද නොසලකා හරිමින් ක්‍රීඩාව කෙරෙහි පමණක් පූර්ණ අවධානය යොමු කරන ලෙස එම යොවුන් ක්‍රීඩකයාට වටිනා උපදෙස් මාලාවක් ද ලබා දී ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න