කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් ලැබූ සුවිශේෂීම සහ අතිවිශිෂ්ටම ජයග්‍රහණය වාර්තා කිරීමට අපේ කණ්ඩායම අද සමත් විය. ඒ, ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමිනි.
මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කළ මෙම ඓතිහාසික ජයග්‍රහණයේ ප්‍රධානතම නියමුවරිය බවට පත්වූයේ කණ්ඩායමේ වැඩිම අත්දැකීම් ඇති ක්‍රීඩිකාව වන නිලක්ෂිකා ඩී සිල්වා ය. ඇය ප්‍රතිවාදී පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 37ක් තුළ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ද සමඟින් නොදැවී වේගවත් ලකුණු 54ක් රැස් කරමින් තරගයේ වීරවරිය සම්මානය දිනා ගත්තාය.
ඇයගේ ප්‍රහාරාත්මක වේගය 145.95ක් ලෙස සටහන් විය. ඇයට අනගි සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය 23 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා කෞෂානී නුත්‍යාංගනා පන්දු 14ක් තුළ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තාය. එහිදී ඇය 171.43ක අතිවිශාල ප්‍රහාරාත්මක වේගයක් රඳවා තබා ගනිමින් තරගයේ නිල නොලත් වීරවරිය බවට පත් විය. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා එක්ව ගොඩනැගූ නොබිඳුණු ජයග්‍රාහී සබඳතාවය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්‍රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්‍රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්‍රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න