චැටෝග්‍රෑම් නුවරදී බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එක් පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පසුගිය 12 වැනිදා රාත්‍රියේ ක්‍රිකට් තරගයකට සහභාගී වී අනතුරුව ත්‍රිරෝද රථයකින් සිය නිවස බලා ගමන් කරමින් සිටි නයීම් හසන්ව මෙම පොලිස් නිලධාරීන් පිරිස විසින් බලහත්කාරයෙන් පොලිස් ස්ථානයට රැගෙන ගොස් මෙම පහරදීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා මේ වන විට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් ද පිහිටුවා ඇත. සිද්ධිය සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස්වරයා පසුගිය 13 වැනිදා නයීම් හසන්ගේ නිවසටම ගොස් ඔහුගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ අදාළ පහරදීමට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර, සිය සහෝදර ක්‍රීඩකයාට මුහුණ දීමට සිදු වූ මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දැඩි අප්‍රසාදය සහ සිය විරෝධය ප්‍රසිද්ධියේම පළ කර ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ශ්‍රී ලංකා කාන්තා ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කරමින් නිලක්ෂිකා ඩී සිල්වා පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් වත්මන් ලෝක ශූරියන් දණගස්වයි
දඹුලු පිටියේ සිදුවීමට සූර්යවංශිට ලංකාවේ ආරම්භක පිටිකරුවෙක් ගෙන් උපදෙස්! විස්තරය මෙන්න
පැතුම් ලංකාවෙන්ම අංක එක වෙයි. වාර්තාගත ආරම්භක පිතිකරුගේ විස්තරය මෙන්න
ලෝකයේ දැවැන්තයින් 5 දෙනා අතරට ශ්‍රී ලංකාවේ සුපිරි තරුවක් ඊයේ එක්වෙයි.
හදවතේ නායක දසුන් ශානකගෙන් තවත් ක්‍රිකට් පොත් අලුත් කරපු වාර්තාවක් ! විස්තරය මෙන්න
ශ්‍රී ලංකාවම ආදරය කරන ඇෆ්ගන් තරුවකගෙන් අලුත් වාර්තාවක් ! විස්තරය මෙන්න