සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අසීරු අඩියක තිබියදී පිටියට පැමිණි සෝනාල් දිනූෂ සිය කුළුඳුල් ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ලකුණු 92කට දැවී යාමෙන් අහිමි වූ මංගල ශතකයේ අඩුව පියවා ගත් ඔහු, අද ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 59කට කඩුලු 4ක් ලෙස දැඩි පීඩනයක තිබියදී පිටියට පිවිසියේය. ඉවසිලිවන්තව පන්දු 167කට මුහුණ දුන් දිනූෂ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කළේය.
වරෙක ලකුණු 90ට කඩුලු 5ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ අතර ඇති වූ විශිෂ්ට සබඳතාවය මෙන්ම අවසන් පෙළ පිතිකරු ළහිරු කුමාරගේ ප්‍රහාරාත්මක පහරවල් ද මහත් රුකුලක් විය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වූ අතර, ඉනිම නිමාවීමත් සමගම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න