Menu

අසීරූ මොහොතක ඉන්දියාව හඬවමින් සොනාල් දිනූෂගෙන් විශිෂ්ට ඉනිමක්!

117

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අසීරු අඩියක තිබියදී පිටියට පැමිණි සෝනාල් දිනූෂ සිය කුළුඳුල් ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ලකුණු 92කට දැවී යාමෙන් අහිමි වූ මංගල ශතකයේ අඩුව පියවා ගත් ඔහු, අද ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 59කට කඩුලු 4ක් ලෙස දැඩි පීඩනයක තිබියදී පිටියට පිවිසියේය. ඉවසිලිවන්තව පන්දු 167කට මුහුණ දුන් දිනූෂ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කළේය.

වරෙක ලකුණු 90ට කඩුලු 5ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ අතර ඇති වූ විශිෂ්ට සබඳතාවය මෙන්ම අවසන් පෙළ පිතිකරු ළහිරු කුමාරගේ ප්‍රහාරාත්මක පහරවල් ද මහත් රුකුලක් විය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වූ අතර, ඉනිම නිමාවීමත් සමගම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *