ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අපරාජිත ඉන්දීය කණ්ඩායම අතර අද ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගය
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ මෙතෙක් පැවැති තරගාවලිය පුරා කිසිදු පරාජයක් ලබා නොමැති ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම අතර 2026 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද දින ඩුබායි හි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉතා උණුසුම් අයුරින් පැවැත්වීමට නියමිතව තිබේ.
මීට පෙර පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවසන් මහා තරගය සඳහා ඉතා අභිමානවත් ලෙස සුදුසුකම් ලබාගත් අතර, බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කණ්ඩායමද අවසන් තරගයට පිවිසියේය. ආසියානු මහාද්වීපයේ කිරුළ තවදුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි උත්සාහයක නිරත වන අතර,
මෙවර තරගාවලිය පුරාම සිය දැවැන්ත දක්ෂතා මැනවින් පෙන්නුම් කර ඇති ඉන්දීය කණ්ඩායමද සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණාත්මක සටනට පිවිසෙයි. දෙරට අතර පවතින ක්‍රිකට් ඉතිහාසය මෙන්ම දෙපක්ෂයේම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිසා මෙම තරගය අතිශයින්ම තියුණු මුහුණුවරක් ගන්නා බවට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 8.00 ට ආරම්භ වීමට නියමිතයි
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න