Will Jacks, Tom Banton සහ Saqib Mahmood ඇතුළු ලෝක පූජිත තරු 20ක් ශ්‍රී ලංකාවට එරෙහිව බසී
රාත්‍රී 11:00ට සහ පස්වරු 7:00ට ආරම්භ වන සටන් දෙකෙන් ලයන්ස් පිල ශ්‍රී ලංකාව අසරණ කරයිද
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සංචාරයට පෙර පැවැත්වෙන නිල විස්සයි20 පුහුණු තරග දෙක වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ලයන්ස් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තරගාවලියේ පළමු T20 තරගය සැප්තැම්බර් 11 වන සිකුරාදා චෙල්ම්ස්ෆෝර්ඩ් හි Ambassador Cruise Line ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:00 ට ආරම්භ වීමට නියමිතය.
දෙවන T20 තරගය සැප්තැම්බර් 13 වන ඉරිදා බෙක්න්හැම් හි County Ground හිදී පැවැත්වෙන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:00 ට ආරම්භ වේ.
මෙවර එංගලන්ත ලයන්ස් සංචිතය අතිශයින්ම ප්‍රබල එකක් වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම දිනූ Will Jacks, Tom Banton, Jamie Overton, Saqib Mahmood සහ Luke Wood වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඊට ඇතුළත්ව සිටිති. මීට අමතරව Paul Walter, Aneurin Donald, James Coles, Ben McKinney, Joe Moores, Matthew Revis, James Sales, Oliver Sykes, Ben Mayes, Caleb Falconer, Tom Hartley, Mason Crane, Jafer Chohan, Henry Crocombe සහ Eddie Jack යන දේශීය තරග පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ද මෙම ප්‍රබල සංචිතය නියෝජනය කරයි.
ජාත්‍යන්තර ප්‍රහාරාත්මක පිතිකරුවන් සහ වේගපන්දු යවන්නන් රැසකගෙන් සමන්විත මෙම එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිලට මුහුණ දීමට සිදු වන්නේ දැඩි අභියෝගයකටය. එංගලන්ත දේශීය තරග රටාව තුළ ඉතා ඉහළ දක්ෂතා දක්වා ඇති මෙම ක්‍රීඩකයින් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන දක්ෂතාව ඉදිරි තරගාවලියේ සාර්ථකත්වයට තීරණාත්මක වනු ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි
එංගලන්ත විස්සයි-20 තරගාවලියට පෙර උපනායකත්වයේ සිදුවූ වෙනස ගැන කමිඳු මෙන්ඩිස් කළ ප්‍රකාශය