2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (30) සමත්විය.
අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ කසක්ස්තානය සමගය.
2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැත්වුණේ කටාර් රාජ්‍ය සහ කසක්ස්තානය අතරය.
දැඩි වර්ෂාව මධ්‍යයේ පැවති මෙම තරගයෙන් ලකුණු 33 ට 31ක් ලෙස තියුණු ජයක් හිමිකරගත් කසක්ස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මේ අතර දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය.
එම තරගයේ පළමු අර්ධයේදී ලකුණු 21ක් රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පෙරමුණ හිමිකරගත් අතර ඉන්දියාව පළමු අර්ධයේදී ලකුණු 03ක් රැස්කළේය.
දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 24ක් රැස්කර ගනිද්දි ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.
ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස පහසුවෙන් තරගය ජයගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් රග්බි තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාව ඊයේ දැක්වූ දක්ෂතා ක්‍රීඩා විචාරකයින්ගේ ඇගයීමට ලක්විය.
2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න