ශ්‍රී ලංකා කණ්ඩායම 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තා.
ඒ, උගන්ඩාව සමග පැවැති තරගය ලකුණු 67කින් ජය ගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබාගත්තේය.
එම ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙයයි.

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්රහණයත් සමග LPL ප්රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ