නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතයට ඔහුව ඇතුළත් නොකිරීම නිසා කලකිරීමට පත් වූ ඔහු මෙම සමුගැනීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු අවසන් වරට නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයක් සඳහා සහභාගි වූයේ 2020 වසරේදීය.
37 හැවිරිදි මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 65ක් එක්දින තරග 57ක් හා එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 පිටියේදී ලකුණු 1724ක් රැස් කරගෙන තිබෙන අතර ඊට ශතක තුනක් හා අර්ධ ශතක 11ක්ද ඇතුළත් වේ. ඔහුගේ ප්‍රහාරක වේගය දැක්වෙන්නේ 156 ක් ලෙසයි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න