Menu

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාවට තහනම් උත්තේජක චෝදනා

467

තහනම් උත්තේජක ශරීර ගත කර ගැනීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා සෙමිණි අල්විස්ට ඒ සම්බන්ධයෙන් ලබන අගහරුවාදා (14) ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිතායතනය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස දැනුම්දී තිබේ.

මෙම ක්‍රීඩිකාව වසර 2015 ඕස්ට්‍රේලියාවේදී පැවැති ලෝක දැල්පන්දු තරගා වලියේදී ශ්‍රී ලංකා ජාතික කුසලාන දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ දැනටත් ජාතික දැල් පන්දු සංචිතයේ කල් ගෙවන ක්‍රීඩිකාවකි.

ඇය සෞදි අරාබියේදී ලබන සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වන මීළග ආසියානු දැල්පන්දු තරගා වලිය ඉලක්ක කරමින් දැන් ආරම්භ කර ඇති ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචේතයටද ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවකි.

මාර්තු 21 වැනිදා සෙමිණි අල්විස් හා හසිතා මෙන්ඩිස් ක්‍රීඩිකාවන් නියැදි යන ජාතික දැල්පන්දු සංචිතයේ දෙදෙනෙකුගෙන් ලබා ගත් මුත්‍රා පරීක්ෂාවට අනුව ඇය මෙලෙස චෝදනා ලබා තිබේ. මෙම තත්වය තුළ චෝදනා ලැබූ ක්‍රීඩිකාව ජාතික සංචිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙරේ.

ඇය බී” මුත්‍රා නියැදි පරීක්ෂාව සිදු කර ගැනීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් කෙසේ වුවත් අදාළ චෝදනාව සෙමිණි ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඇය නිදොස් කර ගැනීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග දැල්පන්දු සම්මේලනය විසින් ගන්නා බවත් එහිදී වික්ටෝරියා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *