Menu

මහේලගේ මුම්බායි පිලට 09වන තරග පරාජයත් හිමි වෙයි!

453

අයි.පී.එල්. තරගාවලියේ අද (12දා) අළුයම අවසන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 18කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

මේ සමග ඔවුන් කුසලාන වටය හෙවත් playoffs (අවසන් කණ්ඩායම් 04) වටයට පළමුවෙන්ම සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට පත්වුණා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 16කට සීමාවුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ලකුණු 157/7ක් රැස්කළත්, ඊට පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම පන්දුවාර 16 තුළදී රැස්කළේ ලකුණු 139/8ක් පමණයි.

මෙම තරගයටද මුම්බායි වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩාකළ අතර, ඔහු ලකුණු 31කට එක් කඩුල්ලක් දවාගත්තා.

කොල්කටා කණ්ඩායම ක්‍රීඩාකළ තරග 12න් තරග 09ක්ම ජයගෙන පරාජය වී ඇත්තේ තරග 03ක් පමණි.

ඊයේ ලැබූ ජයත් සමගින් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් විය.

කෙසේ නමුත් තරග 13කට ක්‍රීඩාකර ඇති මුම්බායි කණ්ඩායම, ඉන් තරග 09ක්ම පරාජය වී ජයගෙන ඇත්තේ තරග 04ක් පමණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *