ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඒ ලෝක කුසලානයට පවතින සූදානම හා නම් කළ ලෝක කුසලාන සංචිතය පිළිබඳ පැහැදිලි කිරීමටයි.
එහිදී තේරීම් කමිටු සභාපතිවරයාගෙන් කුසල් ජනිත් පෙරේරා හා භානුක රාජපක්ෂ සංචිතය සඳහන් නම් නොකිරීමට හේතුව පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියා.
එම පැනයට පිළිතුරු දෙමින් උපුල් තරංග දැක්වූයේ මෙවන් අදහසක්.
“කුසල් ජනිතුත් අපි අන්තිම මොහොත වෙනකන් බලපු ක්‍රීඩකයෙක්. ඔහු අන්තිම කාලේ ලංකාවට සෙල්ලම් කරපු තරගවල සාර්ථක වුණේ නෑ. නමුත් ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්. අපි මොන 15 නම් කළත් පුහුණුකරුත්, නායකයත් තමා තරගයේදී වගකීම තියෙන්නෙ. මොකද ඔවුන්ගෙ මතයත් අපි බලන්න ඕනි. අපි ඔවුන් එක්කත් කතා කරලා තමයි අන්තිම 15 ත් ට්‍රැවලින් රිසර්ව් එකත් නම්කළේ.
අපි භානුක සහ කුසල් ජනිත්ට ගියේ නැත්තේ අපි හිතුවා අපි නම් කරපු 15 දෙනා අතර ඉන්න ක්‍රීඩකයන්ගෙන් පවර් එක තියෙනවා කියලා. මොකද අපිට ඕෆනර්ස්ලගෙන් ගත්තම කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා අන්තිම තරඟවලදී. ඒ වගේම කමිඳු මෙන්ඩිස්, චරිත් ඒ වගේම වනිඳු ඉන්නවා දසුන් ඉන්නවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපිට පවර් එක මේ ඉන්න 15 ස් දෙනාගෙන් කවර් කරගන්න පුලුවන් වෙයි කියලා.”

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න