Menu
gujarat vs kolkata

ගියවර අනු ශූරයන් බවට පත් වූ ගුජරාටය අයි.පී.එල්. සටනින් ඉවතට

426

අයි.පී.එල්. තරගාවලියේ 63වැනි තරගය ලෙසින් ගුජරාට් ටයිටන්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර අද (13දා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

මේ සමග පසුගිය වර (2023) අනුශූරයන් මෙන්ම ඊට පෙර අදියරේ (2022) ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටද අවසන් සිවුදෙනා අතර ස්ථානයක් (playoffs) හිමිකර ගැනීමට තිබූ අවස්ථාව නිල වශයෙන් අහිමිව ගියා.

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වූ තෙවැනි කණ්ඩායම ගුජරාට් වන අතර, මීට පෙර මුම්බායි ඉන්දියන්ස් හා පංජබ් කිංග්ස් කණ්ඩායම් වලටද මෙම ඉරණමම අත් වී තිබුණා.

අහ්මදාබාද්හිදී පැවැත්වීමට තිබූ මෙම තරගය අතහැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවුවත්, ඉන් ගුජරාට් කණ්ඩායමට ඊළඟ තරගය ජයගත්ද පළමු හතර දෙනා අතරට යාමට අවස්ථාවක් නොමැත.

ගුජරාට්, මුම්බායි හා පංජාබ් කණ්ඩායම් මේ වනවිට තරග 13 බැගින් ක්‍රීඩාකර ඇති අතර, ඉන් ගුජරාට් කණ්ඩායම තරග 05ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 08වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තරග 04 බැගින් ජයගෙන සිටින මුබ්බායි හා පංජාබ් කණ්ඩායම් වලට පිළිවෙලින් 09වැනි හා 10වැනි ස්ථාන හිමිව ඇත.

කොල්කටා කණ්ඩායම මෙවර තරගාවලියේදී අවසන් සිවුදෙනාගේ ස්ථානයක් හිමිකරගත් පළමු කණ්ඩායම වන අතර, මේ වනවිට ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණද හිමිකරගෙන සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *