Menu

දිල්ලියේ ජයත් සමඟ සංගාගේ රාජස්ථානය අවසන් පූර්ව වටයට

665

අයි.පී.එල්. තරගාවලියට අදාළව ඊයේ (14) පැවති තවත් තරගයකින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදවා ලකුණු 19 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 208 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

දිල්ලිය ලැබූ මෙම ජයත් සමඟ කුමාර සංගක්කාර කළමනාකාරිත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම play offs වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *