Menu

ශම්මි සිල්වාට වාරණ නියෝගයක්

1.1 K

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ‌හෙළිදරව් කිරීමෙන් පසුව එහි උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ අනුර විරසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

අනුර විරසිංහ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මේ මස 29 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාල වාරණ නියෝගය නිකුත් කළේය.

එදින මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව මාධ්‍යා සාකච්ඡාවක් පවත්වා තම සේවා දායකයා කරුණු හෙළිදරව් කළ බව කියා සිටියේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් තම සේවා දායකයාගේ සේවය නීති විරෝධී ලෙස අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය. නීතියට පටහැනි ආකාරයෙන් සිදුකෙරෙන එම විනය පරීක්ෂණය අත් හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *