Menu
nuwan thushara ipl 2024

පාන්ඩ්‍යාට තරඟ තහනමක්! නුවන් තුශාරට රුපියල් ලක්ෂ 43ක දඩයක්!

595

මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ පැවැති තරඟයේදී අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා තිබේ.

ඒ හේතුවෙන් ඔහුට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් වනු ඇත.

තරඟ තහනමට අමතරව පාන්ඩ්‍යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සියලුම දෙනාට, ඉන්දීය රුපියල් ලක්ෂ 12 බැඟින් දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නුවන් තුෂාරද ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 43කට ආසන්න දඩයකට යටත් වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *