2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ඔවුන් ශූරයින් ලෙසින් කිරුළු පැළදී තෙවැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වුණා.
චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී හයිද්‍රබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු 114ක පහසු ඉලක්කය කඩුලු 02ක් පමණක් දැවී තිබියදී තරගයේ 10.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට කොල්කටා පිතිකරුවෝ සමත් වුණා.
කොල්කටා ඉනිම සුනිල් නාරින් හා රහ්මනුල්ලා ගුරුබාස් විසින් ආරම්භ කළ අතර, ඉන් නාරින් ලකුණු 06ක් රැස්කරගෙන සිටියදී දවාගැනීමට නායක පැට් කමින්ස් සමත් වුණා.
කෙසේ නමුත් මුලු ලකුණු 11දී එම දැවීයාම සිදුවුවත්, ඉන් අනතුරුව තවත් කඩුල්ලක් කොල්කටා කණ්ඩායමෙන් ඩැහැ ගැනීමට හයිද්‍රබාද් පන්දු යවන්නන්ට බොහෝ වෙලාවක් බලා සිටීමට සිදුවුණා.
එහිදී දෙවැනි කඩුල්ලට එක්වූ ගුර්බාස් හා වෙන්කටේෂ් අයියර් දෙවැනි කඩුල්ලට පන්දු 45කින් ලකුණු 91ක සබඳතාවක් පවත්වා අයි.පී.එල්. කිරුළු සිය කණ්ඩායම වෙත රැගෙන ඒමට වේගවත් දායකත්වයක් ලබාදුන්නා.
ඔවුන්ගේ ඉනිමේ පවර් ප්ලේ පන්දුවාර 6 තුළ ලකුණු පුවරුව 72/1ක් ලෙසින් සටහන් වූ අතර, එය අයි.පී.එල්. අවසන් මහා තරගයකදී වාර්තා වූ වේගවත්ම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරටද එක්විය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න