Menu

ඇමෙරිකාව ලෝක කුසලාන ගමන ජයග්‍රහණයකින් අරඹයි

131

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැති තරගය කඩුලු 07කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය ඔවුන් පන්දුවාර 17.4ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහි දී අමෙරිකාව වෙනුවෙන් ඇරෝන් ජෝන්ස් ලකුණු 94ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

ඊට හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 10ක් ඇතුළත්. පන්දු යැවීමේ දී කලීස් සනා, ඩිලොන් හයිලීගර් සහ නිඛිල් දත්තා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් කැනඩාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194ක්.

එහි දී නව්නීට් ධලිවාල් ලකුණු 61ක් සහ නිකලස් කිර්ටන් ලකුණු 51ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී අලි ඛාන්, හර්මිට් සිං සහ කොරේ ඇන්ඩර්සන් එක් කඩුල්ල බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *