තවත් ලකුණු 20ක් හෝ 30ක් ලබාගෙන තිබුණා නම් තරගය ජයගැනීමට හැකිව තිබූ බව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බංගලාදේශය සමඟ පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
අමෙරිකානු තණතීරුවල පන්දුවට පහර දීම ඉතා අසීරු බවත් එම තණතීරුවල විශාල ලකුණු නොමැති බවත් නුවන් තුෂාර පෙන්වා දුන්නා.
එමෙන්ම බංගලාදේශයට එරෙහි ලබා ගත් ලකුණු 124 ආරක්ෂා කිරීමට අවසන් පන්දුව දක්වා උත්සාහ කළ බව ද ඔහු කියා සිටියා.
තවත් පන්දු යවන්නෙක් භාවිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් නුවන් තුෂාර අවධාරණය කළේ, එම තීරණය නායක වනිඳු හසරංග විසින් ගත යුතු බවයි.
මේ අතර අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරවරයා ද එක්ව සිටියා.
එහි දී ඔහු කියා සිටියේ, මෙම පිතිකරුවන් තණතීරුවලට මේ දක්වා හුරු වී නොමැති බවයි.
තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයකට පෙර අමෙරිකාවට පැමිණිය ද සැලසුම් කළ පරිදි පුහුණුවීම්වල නිරත වීමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බවයි ඔහු පවසන්නේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න