20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
එම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කළේය.
එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen ලකුණු 46ක් රැස්කළ අතර David Miller ලකුණු 29ක් රැස් කළේය.
මෙහිදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලබා දුන් ලකුණු 114ක ඉලක්කයට පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුලදී කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණි.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය අවසන් පන්දුව තෙක් දිගහැරුණි.
දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාවට තව දුරටත් තරගාවලියේ රැඳි සිටීමට බලාපොරොත්තුවක් ලැබුණි.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේපාල හා නෙදර්ලන්ත තරග 2ක විශිෂ්ඨ ලෙස ජය ගත යුතුය.
කෙසේ නමුත් එය සාර්ථක වන්නට නම්, බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති නෙදර්ලන්ත හා නේපාල තරග ද්විත්වයෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම පරාජය විය යුතුව ඇත.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න