ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට ‘ෆිට්ස් එයාර්’ ගුවන් සේවයට අයත් 8D-510 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම කණ්ඩායම් දෙකම දිවයිනට පැමිණීම විශේෂත්වයකි. පාකිස්ථාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 32 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකු පැමිණ තිබේ.
දිවයිනට පැමිණි මෙම ප්‍රබල කණ්ඩායම් උණුසුම් අයුරින් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. දැඩි ආරක්ෂක රැකවල් මැද ගුවන් තොටුපොළෙන් පිටව ගිය කණ්ඩායම් දෙකම, තරගාවලියට පෙර පැවැත්වෙන විශේෂ පුහුණු සැසි සඳහා සහභාගී වීමට නියමිතය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව මෙලෙස ප්‍රබල කණ්ඩායම් දිවයිනට පැමිණීමත් සමඟ මෙරට ක්‍රිකට් උණ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න