ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පන්දු යවන්නන් වෙනුවෙන් නිකුත් කරන ලද නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
පසුගිය තරඟාවලිවලදී දැක්වූ දක්ෂතා මත ඔහු මෙලෙස ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇති අතර, ඒ අනුව මහීෂ් තීක්ෂණට නවතම ශ්‍රේණිගත කිරීම්වල 20වන ස්ථානය හිමිව ඇත.
මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියද, ශ්‍රී ලංකාවේ ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ ශ්‍රේණිගත කිරීම්වල යම් පසුබැසීමක් දක්නට ලැබේ. මීට පෙර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 03වන ස්ථානයේ රැඳී සිටි වනිඳු හසරංග, නවතම වර්ගීකරණයට අනුව 06වන ස්ථානය දක්වා පහළ බැස තිබීම විශේෂත්වයකි.
පසුගිය කාලසීමාව තුළ පැවති ජාත්‍යන්තර තරඟවලදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සහ ලබාගත් කඩුලු ප්‍රමාණය පදනම් කර ගනිමින් ICC ආයතනය විසින් මෙම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න